අපේ රටේ අද දවසෙත් සංවිධානාත්මක අල්ලස හා දූෂණය සිද්ධ වෙනවා - ජනපති

Saturday, 10 December 2016 - 6:52

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රටේ ටෙන්ඩර් ක්‍රියාවලිය හා තාක්ෂණ ඇගයීම් කමිටු තවමත් දූෂිත තත්ත්වයක පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, සුපිළිපන් පාලනයක් යන මැයෙන් පැවති දූෂණ විරෝධී ජාතික සමුළුවට ඊයේ පෙරවරුවේ එක්වෙමින්.

ඊයේ දිනට යෙදී තිබූ අන්තර්ජාතික දූෂණ විරෝධී දිනයට සමගාමීව සංවිධාන කෙරුණු දූෂණ විරෝධී ජාතික සමුළුව ඊයේ පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා

මේ රටේ බොහෝ වෙලාවට සංවිධානාත්මක අල්ලස හා දූෂණය පිළිබඳව කතාකරන්නේ නැහැ. එහෙත් අපි කණගාටු විය යුතුයි අපේ රටේ අද දවසෙත් සංවිධානාත්මක අල්ලස හා දූෂණය සිද්ධ වෙනවා. පසුගිය දිනක මම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කළ කතාවක් පිළිබඳව මට දැඩි ප්‍රහාර එල්ල කරන්න ආවා පිරිසක්. මං එදා කියපු දේ අදත් කියනවා. එක් පිරිසක් පමණක් එල්ලකරගෙන විමර්ශන, පරීක්ෂණ පැවැත්වීමේ තිබෙන වැරදි ස්වභාවය. අපේ රටේ ටෙන්ඩර් ක්‍රියාවලිය 50%කට වැඩිය තවමත් දූෂිතයි. තාක්ෂණ ඇගයීම් කමිටු දූෂිතයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ සියලු පාර්ශ්වයන් මේ වගකීම භාරගන්න ඕනේ. දැන් අපි මේ කොමිෂන් සභා ශක්තිමත් කරලා වැරදි කරපු අය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විට අපිට ඇසෙන දේ තමයි ආයතන ප්‍රධානීන් විතරක් නෙවෙයි, අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් විතරක් නෙවෙයි සමහරු ඇමතිවරුත් කියනවා ආ හා අපට එෆ්.සී.අයි.ඩී. යන්න වෙයි මේවා කරලා හිටං. මේක තමාගේ ආත්ම අභිමානය පිළිබඳව ප්‍රශ්නයක්. එහෙමනම් මමත් ඒක කියන්න වෙනවනේ.අපිට අයිති දේ අපි හරියට කරනවා නම් ඒක මම හිතනවා දේශපාලනඥයින්ටවත්, රාජ්‍ය නිලධාරීන්ටවත් සුදුසු සටන් පාඨයක් නෙවෙයි.

අනතුරුව මැතිවරණ ප්‍රචාරණ වියදම් තුළින් ඇතිවන දූෂණය යන මැයෙන් ප්‍රධාන තාක්ෂණ සැසිය පැවති අතර, එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා.

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පඩි වැඩිකළ හැකිද..? දැන් අපි කවුරුත්දන්නවා ලැබෙන වැටුපේ ප්‍රමාණය පිළිබඳව. දැන් මට කීයද ජනාධිපති විදිහට හම්බෙන්නේ..? සියලු දීමනා ඔක්කොමත් එක්ක මාසෙකට රුපියල් 95,000ක් හම්බෙනවා. කොහෙත්ම මම කියන්නෑ මගේ වැටුප වැඩි කරන්නෙයි කියලා. ජනාධිපතිලා සිය ගාණක් නෑ, එක්කෙනයි ඉන්නේ. මම හිතන්නේ මේ සමුළුවේ අපි බලාපොරොත්තු වෙන පරමාර්ථය ඉෂ්ට වෙන්න නම් මේ සාකච්ඡාවල ඇතිවෙච්ච අදහස් පදනම් කරගෙන මැතිවරණ නීතිරීතිවල සහ ඊට අදාළ අනෙකුත් අංශ වඩාත් ප්‍රතිසන්ධානය කිරීම සඳහා අපි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමත්, ඊට අදාළ අනෙකුත් අංශවලින් අවශ්‍ය නීතිරීති සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් සකස් කිරීමත් සුදුසුයි කියලා මං විශ්වාස කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories