අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද

Saturday, 10 December 2016 - 7:39

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පසුගිය නොවැම්බර් 10 වන දා ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය මස 18 වන දා පැවැති අතර, වැඩි ඡන්ද 107කින් එය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 162ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 55ක් පමණයි.

මේ අතර,අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අමාත්‍යාංශ 5ක වැය ශීර්ෂ ඊයේ විවාදයට ගැනුණා.

මේ,ඊයේ දිනයේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු හා පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories