පළාත් සභා පිළිබඳ අනුකමිටු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට

Saturday, 10 December 2016 - 12:58

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සබඳතා පිළිබඳ සොයා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව පත් කළ අනු කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ වන ආචාර ධර්ම සහිත කෙටුම්පත සහ ස්ථාවර නියෝග වෙනස් කිරීමේ කෙටුම්පත ද කථානායක කරු ජයසූරිය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.   

මේ අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පසුගිය නොවැම්බර් 10 වන දා ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය මස 18 වන දා පැවැති අතර, වැඩි ඡන්ද 107කින් එය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එසේම හම්බන්තොට වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරත සේවකයන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද සභාවේ අවදානය යොමු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories