හම්බන්තොට වරායේදී හිරු මාධ්‍යවේදියාට නාවික හමුදාපති පහරදෙයි (ඡායාරූප)

Saturday, 10 December 2016 - 18:11

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහයේ නිරත සේවකයන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ජලාශ තටකයේ සිට සේවකයන් පිරිසක් සත්‍යග්‍රහයේ නිරතවූ අතර, ඒ හේතුවෙන් වරායේ නැංගුරම් ලා තිබූ නෞකා දෙකකට බහලූ මෙහෙයුම් සිදුකිරීමෙන් පසු පිටව යාමට අවස්ථාව සැළසුනේ නැහැ.

ඒ අනුව නාවික හමුදා භට පිරිස් යාත්‍රා කිහිපයකින් එම ස්ථානයට ළඟාවුණා.

එම අවස්ථාවේදී ගොඩබිම සිට සත්‍යග්‍රහයට එක්වූ සේවකයන් ජලයේ සිටි පිරිස ඒ පිළිබඳව දැනුම්වත් කළ අතර, නාවික හමුදාව අනතුරු ඇඟවීමේ වෙඩි පහර එල්ල කිරීමක්ද සිදුකළ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම තත්ත්වය වාර්තා කරන අතරතුර යාත්‍රාවක සිට පිටතට පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හිරු මාධ්‍යවේදියාට තර්ජනය කරමින් පහරදීමක් සිදුකළා.

ඒ, තමන් මාධ්‍ය ආවරණයකට පැමිණි බව අප මාධ්‍යවේදියා පැහැදිළිව සඳහන් කරද්දියි.

ඔහු පරුෂ වචනයෙන් බැන වදින අයුරුද අප මාධ්‍යවේදියාගේ කැමරාවේ පැහැදිළිව සටහන්ව තිබුණා.

මෙම සිද්ධිය අතරතුර තුවාල ලැබූ තුන්දෙනෙකු පසුව ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම උණුසුම් තත්ත්වය අතරතුර රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද එම ස්ථානයට පැමිණියා.

උන්වහන්සේ නාවික හමුදාවෙන් ඉල්ලා සිටියේ පැය 24 ක් තුළ මෙම ගැටළුව විසඳාගන්නා තුරු සත්‍යග්‍රහයේ නිරත පිරිසට බාධා නොකරන ලෙසයි.

මේ අතර අද (10) පාර්ලිමේන්තුවේදීද මෙම තත්ත්වය සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් මතුවුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ චමල් රාජපක්ෂ ඒ පිළිබඳව සභාවේ අවධානය යොමු කිරීමත් සමඟයි.

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අදහස් දක්වමින් සිටි මොහොතේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ පිළිබඳව කරුණු පැහැදිළි කළ අතර එහිදී චන්ද්‍රසිරි ගජධීර, චමල් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද සංවාදයට මැදිහත් වුණා.

එසේම පස්වරුවේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ඒ පිළිබඳව කරුණු දැක්වූ අතර, අමාත්‍ය රුවන් විජේවර්ධන එහිදී කියා සිටියේ නාවික හමුදාවෙන් සත්‍යග්‍රහයේ නිරත සේවකයන්ට පහරදීමක් හෝ වෙඩි තැබීමක් සිදුකර නොමැති බවයි.





ඡායාරූප - සුරියවැව නුවන් ජයසේකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories