සාමූහික වගකීමෙන් ඔබ්බට යෑමට ඇමතිවරයෙකු සූදානම්

Saturday, 10 December 2016 - 18:51

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
දූෂණ වංචා සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ යුත්තේ ලිපි ගොනු සකස් කරමින් සිටීම නොව කඩිනමින් දඩුවම් ලබාදීම බව දූෂණ විරෝධී පෙරමුණ සංවිධානයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ එම පෙරමුණ විසින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව සංවිධාන කළ සමුළුවකට කොළඹදී ඊයේ (09) එක්වෙමින්.

උත්සවය අමතමින් නගර සැළසුම් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ දූෂිතයන්ට දඩුවම් කිරීම සඳහා අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවයි.

එමෙන්ම දූෂණවල නිරත වූ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග නොගතහොත් ඒ පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමට සාමුහික වගකීමෙන් ඔබ්බට ගොස් කටයුතු කරන බව කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බවයි කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories