අයවැය වැඩි ඡන්ද 110 කින් සම්මත වේ

Saturday, 10 December 2016 - 19:03

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+110+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 110 කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 165 ලැබුණු අතර, විපක්ෂව හිිමිවුණේ ඡන්ද 55 ක් පමණයි.

මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.

ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඊට පක්ෂව ඡන්දය භාවිත කළා.

දෙමළ ජාතික සන්ධානයද අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නා.

ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පසුගිය නොවැම්බර් 10 වන දා ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය මස 18 වන දා පැවැති අතර, එහිදී වැඩි ඡන්ද 107කින් එය සම්මත වුණා.    





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories