මාගම්පුර සේවකයන් තවමත් සත්‍යග්‍රහයේ - සිංගප්පූරු නැව පිටත් වේ

Sunday, 11 December 2016 - 7:22

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+-+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව සිය සත්‍යග්‍රහය තවදුරටත් සිදුකරන බව මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි.කේ. ඔමේෂ් පවසනවා.

ඔහු කියා සිටියේ බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් ලැබෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බවයි.  

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහයේ නිරත සේවකයන් විසුරුවා හැරීම සඳහා ඊයේ ආරක්ෂක අංශ උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ජලාශ තටකයේ සිට සේවකයන් පිරිසක් සත්‍යග්‍රහයේ නිරතවූ අතර, ඒ හේතුවෙන් වරායේ නැංගුරම් ලා තිබූ නෞකා දෙකකට බහලූ මෙහෙයුම් සිදුකිරීමෙන් පසු පිටව යාමට අවස්ථාව සැලසුනේ නැහැ.

 ඒ අනුව නාවික හමුදා භට පිරිස් යාත්‍රා කිහිපයකින් එම ස්ථානයට ළඟාවුණා.

එම අවස්ථාවේදී ගොඩබිම සිට සත්‍යග්‍රහයට එක්වූ සේවකයන් ජලයේ සිටි පිරිස ඒ පිළිබඳව දැනුම්වත් කළ අතර, නාවික හමුදාව අනතුරු ඇඟවීමේ වෙඩි පහර එල්ල කිරීමක්ද සිදුකළ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.  

මෙම තත්ත්වය වාර්තා කරන අතරතුර යාත්‍රාවක සිට පිටතට පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හිරු මාධ්‍යවේදියාට තර්ජනය කරමින් පහරදීමක් සිදුකළා.

ඒ, තමන් මාධ්‍ය ආවරණයකට පැමිණි බව අප මාධ්‍යවේදියා පැහැදිළිව සඳහන් කරද්දියි.

ඔහු පරුෂ වචනයෙන් බැන වදින අයුරුද අප මාධ්‍යවේදියාගේ කැමරාවේ පැහැදිළිව සටහන්ව තිබුණා.  

මෙම සිද්ධිය අතරතුර තුවාල ලැබූ තුන්දෙනෙකු පසුව ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව වාර්තා වුණේ ඊයේ පස්වරුවේ නාවික හමුදා ආරක්ෂාව යටතේ වරායේ නැංගුරම් ලා තිබූ සිංගප්පූරු සමාගමකට අයත් නෞකාව ඉන් පිටවූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories