මිලාදුන් නබි උත්සවය අදයි

Monday, 12 December 2016 - 7:37

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B6%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශුද්ධවූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරෙන මිලාදුන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේ නබිතුමන්ගේ ඉගැන්වීම් විශ්ව ප්‍රජාව වෙත ගලායන්නේ ඔහුගේ අසීමිත මානව ප්‍රේමයේ සුවඳ විහිදුවාලමින් බවයි.  

අද දින සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව අතිමහත් බැතියෙන් සමරන මිලාදුන් නබි උත්සවයට ශ්‍රී ලංකාවාසි ජනතාවගේ සහ ජනාධිපතිවරයා ලෙස තමාගේ සුබ පැතුම් පිරිනමන බව ද එහි දැක්වෙනවා.

නබිනායක තුමන්ගේ ජීවිත ආදර්ශය තුළ තම ජීවිතත්, සමස්ත ලෝකයත් අරුත් ගන්වන්නට මෙම මිලාදුන් නබි උත්සවයේදී අධිෂ්ඨාන කරගත යුතු බව සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories