වර්ධා සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි බලා ගිය යානා දෙකක් ශ්‍රී ලංකාවට

Monday, 12 December 2016 - 11:06

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වර්ධා සුළි කුණටුව හේතුවෙන් චෙන්නායි බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් නැවතත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපල කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ යූ.එල්. 121 දරණ ගුවන් යානය උදෑසන 9.53 ට යළි ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

එමෙන්ම ඩුබායි සිට චෙන්නායි බලා ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 651 දරණ යානයද උදෑසන 9.34 වනවිට කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (13) උදෑසන 7.00 වන තුරු කටුනායක ගුවන් තොටුපළින් චෙන්නායි ගුවන් තොටුපළ වෙත පිටත්ව යෑමට නියමිත ගුවන් යානා සියල්ලේම ගුවන් ගමන් වාර අවලංගු කර ඇතැයි කටුනායක ගුවන් තොටුපළ  නිවේදනය කලා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ .එල් -121, යූ .එල් -123, යූ .එල් - 127  සහ  යූ .එල් - 129 යන ගුවන් ගමන් වාර අවලංගු කර ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories