නවතා දැමූ ගාලු මුවදොර උසම නත්තල් ගස ඉදිකිරීම යළිත් ඇරඹෙයි

Monday, 12 December 2016 - 12:03

%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%8B%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබියදී නවතා දැමුණු ලොව උසම නත්තල් ගසේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිළි කර ඇති බවයි.

මෙම නත්තල් ගස ඉදිවන්නේ පෞද්ගලික ධන පරිත්‍යාගවලින් බවත් ඒ සඳහා රජය කිසිදු මුදලක් වැය නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස අගරදගුරු හිමිපාණන් වෙත පැහැදිළි කර තිබෙනවා.

ඒ අනුව මෙම නත්තල් ගස ඉදිකිරීම සඳහා අගරදගුරු හිමිපාණන් අවසර ලබාදී ඇති අතර, එම පණිවුඩය අගමැතිවරයා විසින් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග වෙත දැනුම්දී තිබෙනවා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට පෙර ප්‍රකාශ කළේ මෙම නත්තල් ගස තැනීමේ ව්‍යාපෘතිය මුදල් නාස්තියක් බවයි.

එමෙන්ම, අධික වියදම්කාරි අනවශ්‍ය සැරසිලිවලින් තොරව ආධ්‍යාත්මිකව ජීවිත අර්ථවත් කර ගැනීමට මේ නත්තලේදී කටයුතු කරන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මෙම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු නවතා දැමුණේ පසුගිය හත්වනදායි.

ගාලු මුවදොර ඉදිකෙරෙන නත්තල් ගසේ උස අඩි 325 ක් වන අතර, එහි ඉදිකිරීම් අඩක් දැනටමත් නිමවා අවසන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories