අර්බුදය ගැන මුස්ලිම් කොංග්‍රසයේ තීරණාත්මක සාකච්ඡාවක්

Wednesday, 14 December 2016 - 7:20

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයා කවුරුන් ද යන්න තීරණය කිරීමට එම කොංග්‍රසයේ තීරණාත්මක උත්තරීතර මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දරුස්සලාම්හි පක්ෂ මුලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

මේ වන විට මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හසන් අලි සදහන් කළේ අද පැවැත්වෙන උත්තරීතර මණ්ඩල රැස්වීමේදි පක්ෂ ලේකම් තනතුර පිළිබඳව සියඵ පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගැනීමට නියමිත බවයි.

දේශපාලන පක්ෂයක, ලේකම්වරයෙකු හා මහලේකම්වරයෙකු වශයෙන් ලේකම්වරුන් දෙදෙනෙකු සිටිය නොහැකි බවට සහ පක්ෂයේ ස්ථීර ලේකම්වරයා හෝ මහලේකම්වරයා කවුරුන් ද යන්න මැතිවරණ කොමිසම වෙත හෙටට පෙර දැනුම් දෙන ලෙසට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයට දැනුම් දී තිබුණා.

ඒ අනුව අද පැවැත්වෙන උත්තරීතර මණ්ඩල රැස්වීමේදී පක්ෂයට ස්ථීර ලේකම්වරයෙකු හෝ මහලේකම්වරයෙකු පත් කර ගනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලිගේ බලතල 2015 වසරේ දී අඩු කරමින් නව ලේකම්වරයෙකු ලෙස කාදර් ඒ.මන්සූර් පත් කරනු ලැබුවා.

මීට එරෙහිව හසන් අලි මැතිවරණ කොමිසම වෙත අභියාචනයක් ද ඉදිරිපත් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories