කප්පම් ලබා ගැනීමට පැහැර ගත් සිසුවෙකු පොලීසිය සොයා ගනී

Wednesday, 14 December 2016 - 9:26

%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
දංකොටුව - දකුණු ගෝනවිල ප්‍රදේශයේදී කප්පම් ලබා ගැනීමේ අරමුණෙන් පැහැර ගත් 17 හැවිරිදි පාසල් සිසුවෙකු පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙම සිසුවා ඊයේ පස්වරුවේ දංකොටුව - ගොඩැල්ල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටියදී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව පැහැර ගත් පුද්ගලයින් විසින් මෙම සිසුවාගේ පියාගෙන් රුපියල් කෝටි 8යි ලක්ෂ 75ක් මුදලක් ඉල්ලා දුරකථන ඇමතුමක් ලබාදී තිබුණා.

පසුව ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකට අනුවයි අද පෙරවරුවේ එම ප්‍රදේශයේ වසා දැමූ තෙල් මෝලක් තුළ සිටියදියි මෙම සිසුවා සොයාගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories