අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි

Wednesday, 14 December 2016 - 14:11

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ඌව, නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකියි.

එම නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories