දංකොටුව සිද්ධියට දෙන්නෙක් අල්ලයි - පැහැරගත් සිසුවා ගැනත් සැකයක්

Thursday, 15 December 2016 - 7:32

%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දංකොටුව - දකුණු ගෝණවිල ප්‍රදේශයේදී කප්පම් ලබාගැනීමේ අරමුණින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දංකොටුව පොලීසිය සඳහන් කළේ මොවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්වූ සිසුවාගේ මිතුරන් බවයි.

ඒ අනුව කප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම ඊට ලක්වූ සිසුවා විසින්ම සිදුකර  ඇති බවට පොලීසියට සැක මතුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බැවින් එය අවසන් වූ පසු ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

දංකොටුව - ගොඩැල්ල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටියදී කිසියම් පිරිසක් 17 හැවිරිදි මෙම පාසල් සිසුවා පැහැරගත් බවට වාර්තා වුණේ පෙරේදා දිනයේයි.

එදින රාත්‍රියේම මෙම සිසුවා සිය පියාට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ තමා මුදාගැනීමට රුපියල් හත්කෝටි 75 ලක්ෂයක කප්පමක් පැහැරගැනීම සිදුකළ බව කියන පුද්ගලයින් ඉල්ලා සිටින බවයි.

මේ පිළිබඳව පසුව පියා විසින් පොලීසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඊයේ පෙරවරවේ ප්‍රදේශයේ වසා දමා තිබූ තෙල් මෝලක සිටියදී සිසුවා සොයාගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories