ජනාධිපතිවරයා මලයාසියාව බලා පිටත්ව යයි

Thursday, 15 December 2016 - 7:43

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දින තුනක නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ මලයාසියාව බලා පිටත්ව ගියා.

ඒ් අද උදෑසන 07.50ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL -314 දරන  යානයෙන්.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග 15ක දූත පිරිසක් මලයාසියාව බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපල අප වාර්තාකරු පැවසුවා.

සංචාරය අතරතුර මලයාසියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් 6 කට ද අත්සන් තබනු ඇති.

සංචාරක කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ සහයෝගීතාව, පුහුණු සහ පර්යේෂණ මෙන්ම රාජ්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම ඉලක්ක කරගනිමින් මෙම ගිවිසුම්වලට අත්සන් තැබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories