ගම්පහ - උඩුගම්පල වෙඩි තැබීමක්

Thursday, 15 December 2016 - 11:02

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+-+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගම්පහ - උඩුගම්පල - ගල්ලෙගෙදර - දෙවලපොල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ දෙවලපොල ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි වැදුණු පුද්ගලයා අද උදෑසන ඔහුට අයත් ඉඩමක් වෙත ගොස් තිබෙනවා.

එහිදී ඔහු අසලට පැමිණි පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා ඇති බවයි තුවාල ලැබූ පුද්ගලයාගේ ඥාති සොහොයුරියක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories