අවසන් තීරණයකට හම්බන්තොට වරාය සේවකයින් රැස්වේ

Thursday, 15 December 2016 - 12:10

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
දින 9 ක් තිස්සේ දියත් කර ඇති සත්‍යග්‍රහය අවසන් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත හම්බන්තොට - මාගම්පුර වරායේ සේවකයින් මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි.කේ. ඔමේෂ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සාකච්ඡාවෙන් ගන්නා තීරණය දහවල් 12.30ට ප්‍රකාශයට පත් කරන බවයි.

සත්‍යග්‍රහයේ නිරත මාගම්පුර වරායේ සේවකයින් අද පස්වරු 2ට පෙර සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සැලකීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ ප්‍රකාශ කළා.

එමෙන්ම හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න සත්‍යග්‍රහයේ නිරත වූ සේවකයින්ට ඊයේ නියෝග කළේ වරායේ දේපලවලට සහ එහි දෛනික කටයුතුවලට බාධා කිරීමෙන් වලකින ලෙසයි.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග සමඟ සත්‍යග්‍රහයේ නිරත සේවකයින් පිරිසක් ඊයේ සාකච්ඡාවක නිරතවුණා.

එහිදී අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කරන බවයි මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි. කේ. ඔමේෂ් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories