ජයලලිතාගෙන් පුරප්පාඩු වු AIADMK පක්ෂ තනතුර පුරවයි

Thursday, 15 December 2016 - 14:07

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%94+AIADMK+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු AIADMK පක්ෂයට නව නායිකාවක් පත්කර තිබෙනවා.

ඇය ජයලලිතාගේ සමීපතමයෙකු වු සසිකලා නටරාජන් බවයි ඉන්දීය පුවත් සේවා නිවේදනය කලේ.

54 හැවිරිදි නටරාජන් මෙතෙක් පක්ෂයේ කිසිදු තනතුරක් හොබවා නැහැ.

AIADMK පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ සසිකලා නටරාජන් පාලනයකින් යුතුව තබා ගැනීමට අවශ්‍ය වුවහොත් පක්ෂ නීති රීති වෙනස් කරන බවයි.

පක්ෂ නායිකාව ලෙසට ඇය පත් කිරීමේ මුලික අරමුණ ජයලලිතාගේ අරමුණු ඒ අයුරින්ම ඉටුවනවා දැකීමට බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

දෙසැම්බර් 5 වනදා ජයලලිතා හදිසි හෘදයාබාධයකින් මරණයට පත්වන තෙක් ඇයට ඉතා සමීපව කටයුතු කල අයෙක් ලෙසටයි සසිකලා නටරාජන් සැලකෙන්නේ.

ජයලලිතා තමිල්නාඩුවේ සිය ආධාරකරුවන් විසින් හදුන්වනු ලැබූයේ අම්මා යන අන්වර්ථ නාමයෙන්.

එමෙන්ම, පසුගිය දශක 3 කට අධික කාලය තුළ ඇගේ සමීපතම තැනැත්තිය වූ ශෂිකලා නටරාජන් චින්නම්මා ලෙස හැදින්වීමට ජයලලිතාගේ අනුගාමිකයින් පෙළඹී සිටියා.

54 හැවිරිදි ශෂිකලා නටරාජන් පක්ෂයේ කිසිදු තනතුරක් නොදරන නමුදු ජයලලිතා මියයාමෙන් පසු පක්ෂයේ තීරණ සියල්ල පාහේ ගනු ලැබූයේ ඇගේ අනුදැනුම සහිතවයි.

ශෂිකලා නටරාජන් පක්ෂයේ ප්‍රධානත්වය සදහා තෝරා ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කළේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ ප්‍රකාශක පොන්නයියා විසින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories