වසර තුනකට පසු ගිනි අවි 40ක් අධිකරණයට

Thursday, 15 December 2016 - 15:09

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+40%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
වැලිවේරිය - රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව යුද හමුදාව භාවිතා කරන ලද ටී 56 වර්ගයේ ගිනි අවි 40 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

2013 වසරේ අගෝස්තු මස පළවනදා පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ගම්වාසීන් විසින් උද්ඝෝෂණයක නිරත වුණා.

එය පාලනය කිරීම සඳහා යුද හමුදාව වෙඩි තැබූ අතර සිද්ධියෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව අද භාර දුන් ගිනි අවි රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබාදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories