ජනපති, මැලේසියා අගමැති සමග සාකච්ඡා පවත්වයි

Friday, 16 December 2016 - 10:02

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මැලේසියාවේ තුන්දින සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල වශයෙන් පිළිගැනීමේ උත්සවයක් මැලේසියානු අග්‍රාමාත්‍ය නිවස වන පෙර්දාන පුත්‍රා හි දී අද පැවැත්වුණා.

දෙරටේ ජාතික ගී වාදනය කරමින් ආරම්භ වූ මෙම උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ආචාර පෙළපාලියක් ද පැවති බවයි මැලේසියානු වාර්තා සදහන් කළේ.

ඒ සදහා මැලේසියානු යුද හමුදාවේ රාජකීය මැලේ රෙජිමේන්තුවේ පළමුවන බලඇණියේ නිලධාරින් 103 දෙනෙකු සහභාගි වී තිබෙනවා.

ඉන් අනතුරුව මැලේසියානු අග්‍රාමාත්‍ය ධාතුක් සෙයිරි නජීබ් තුන් රසාක් විසින් සිය අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත හදුන්වාදෙනු ලැබුවා.

පසුව, නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡා පැවති බවයි මැලේ මේල් ඔන් ලයින් - මැලේසියානු වෙබ් අඩවිය සදහන් කළේ.

මලයාසියානු අග්‍රාමාත්‍ය නිල නිවස වන පෙර්දාන පුත්‍රාහි පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5 කට ද අත්සන් තැබුණා.

එහිදී සංචාරක, සංස්කෘතික, විදේශ රැකියා, තරුණ කටයුතු සහ කෘෂි කාර්මික යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම්වලට එළඹී ඇති බව සදහන්.

ද්වීපාර්ශවික සාකච්ඡා අතරතුර මලයාසියානු අග්‍රාමාත්‍ය දෙරට අතර, වෙළද කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලක් රජය ප්‍රධාන කරුණු දෙකක් මත ගෙන යන බවයි.

එනම්, සංහිදියාව සහ ආර්ථික දියුණු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories