විදෙස්ගත වීමට අවසර ඉල්ලු තිස්ස අත්තනායකගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Friday, 16 December 2016 - 12:22

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදේශ ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඉදිරිපත් කර තිබූ පෙත්සමක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ එම පෙත්සම මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි. විදෙස් ගතව සිටින තම දියණිය බැලීම සදහා අවසර ලබාදෙන ලෙස ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, මෙය හදිසි අවශ්‍යතාවයක් නොවන බැවින් පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරුවරිය සදහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ කූට ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා 3 ක් යටතේ අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂය් හිටපු මහලේකම්, තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories