රක්නා ලංකා ඈවර කිරීමට එරෙහි වාරණය දිගු වෙයි

Friday, 16 December 2016 - 15:32

%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%88%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රක්නා ලංකා සමාගම ඈවර කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ලබා දී තිබූ වාරණ නියෝගය ලබන 30 වන දා දක්වා අද යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ දිසා විනිසුරු සනත් ජේ. මොරවක හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

මීට පෙර පසුගිය 6 වන දා රක්නා ලංකා සමාගම ඈවර කිරීම අද දිනය දක්වා වළක්වාලමින් ඇවන්ගාඩ් සමාගම මෙම වාරණ නියෝගය ලබා ගත්තා.

රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීම සඳහා රජය තීරණය කළේ ඊට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.

ඒ අනුව එම සමාගමේ ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක බලකායටත්, සමුද්‍රීය ආරක්ෂක කටයුතු නාවික හමුදාවටත් පැවරීමට යෝජනා වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories