මුස්ලිම් කොංග්‍රසයේ අභ්‍යන්තර අර්බුදය අවසන්

Saturday, 17 December 2016 - 7:21

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරුන් සම්බන්ධයෙන් පැවති අර්බුදය නිමා වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ ලේකම් මොහොමඩ් මන්සූර් පක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඉදිරි කටයුතු සිදුකරන බවයි ඔවුන් ඊයේ මැතිවරණ කොමිසමට ද දැනුම් දී තිබුණේ.

එම අවස්ථාවට මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලි මෙන්ම නායක රවුෆ් හකීම් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකු එක්ව සිටි බව සඳහන්.

මුස්ලිම් කොංග්‍රස් මහලේකම් හසන් අලි එම තනතුරේ සිටියදී පක්ෂයට තවත් ලේකම්වරයෙකු පත් කිරීමට උත්තරීතර මණ්ඩලය ගත් තීරණයත් සමඟයි මෙම ගැටළුකාරී තත්ත්වය මතුවුණේ.

කෙසේ වෙතත්, පක්ෂ ලේකම්වරයා ලෙස මොහොඩ් මන්සූර් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව හසන් අලි ප්‍රමුඛ මුස්ලිම් කොංග්‍රස් නායකයන් මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories