පොළොන්නරුවේදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ

Saturday, 17 December 2016 - 10:25

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පොළොන්නරුව,නව නගරය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වන පොළොන්නරුව,දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම මොහු ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරෙකු ලෙස සේවය කළ අයෙකු බව සඳහන්.

අදාළ සැරයන්වරයා රාජකාරි නිම කර සිය නවාතැන්පළ වෙත යතුරුපැදියකින් පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, මිය ගිය සැරයන්වරයාගේ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි නිවසට යාබදව පිහිටි වෙනත් නිවසක මුළුතැන්ගෙය තුළ තිබී සොයා ගත් බවයි පොළොන්නරුව පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ සැරයන්වරයා නවාතැන්පළ වෙත පැමිණි යතුරුපැදිය ද අතුරුදන් වී ඇති බව සදහන්.

මේ වන විට ඔහුගේ දේහය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories