හිරු මාධ්‍යවේදීයාට පහරදුන් නාවික හමුදාපතිට, ඌවෙන් සහ සීතාවකිනුත් විරෝධය

Saturday, 17 December 2016 - 18:47

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%2C+%E0%B6%8C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
හම්බන්තොට - මාගම්පුර වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා හිරු මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියට විරෝධතාවය පළ කරමින් අවිස්සාවේල්ල නගරයේ අද (17) විරෝධතාවක් පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ සීතාවක මාධ්‍ය එකමුතුව විසින්.

ප්‍රදේශයේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

එහිදී ඔවුන් නාවික හමුදාපතිවරයා හිරු මාධ්‍යවේදීයාට පහරදීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ උසස් නිලධාරියෙකු සතු විනයක් ඔහු සතුව නොතිබූ බවයි.

එමෙන්ම එම පහරදීම දැඩි ලෙස හෙළා දකින බවද ඔවුන් සඳහන් කළා.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය ඊයේ (16) මාධ්‍ය හමුවක් කැදවමින් මෙම සිද්ධියට විරෝධය පළ කළා.

එහිදී අදහස් දැක්වූ එම මාධ්‍ය සංසදයේ කැදවුම්කරු චන්දන කුරුප්පුආරච්චි කියා සිටියේ හිරු මාධ්‍යවේදීයාට පහරදී සතියක් ගතව ඇතත්, මේ වනතෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

යහපාලන රජය මහජනතාව බලයට ගෙන ආවේ මෙවන් සිදුවීම් ඇති නොවීමට බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ මේ වනවිට රට තුළ ලිච්ඡවී පාලනයක් හෝ යහපාලනයක් නොමැති බවයි.

එහිදී අදහස් දැක්වු බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති උදයරත්න වනසිංහ නාවික හමුදාපතිවරයාගේ හැසිරීම අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කළ අතර, ඒ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories