ඇමරිකානු මුහුදු ඩ්‍රෝන් යාත්‍රාව නැවත ලබාදීමට චීනයෙන් පොරොන්දුවක්

Sunday, 18 December 2016 - 8:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දකුණු චීන මුහුදේදී චීන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඇමරිකානු ඩ්‍රෝන් යාත්‍රාව නැවත ලබාදීම සඳහා චීනය සමඟ අවබෝධතාවකට එළැඹුණු බව ඇමරිකානු පෙන්ටගනය ප්‍රකාශ කළා.

චීනය විසින් මෙම මුහුදු ඩ්‍රෝන් යාත්‍රාව අත්අඩංගුවට ගනු ලැබූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි.

සිද්ධිය පිළිබඳව ඇමරිකාව අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදී ඇති බවට චීනය චෝදනා කළා.

කෙසේ නමුත්, මෙය ඇමරිකාව සහ චීනය අතර ආරක්ෂක උණුසුමක් ඇති කිරීමට මුල් වූ බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඇමරිකාව ප්‍රකාශ කළේ මෙම මුහුදු ඩ්‍රෝන් යාත්‍රාව නීත්‍යානුකූල විද්‍යාත්මක දත්ත එක්රැස් කිරීමේ නිරත වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories