හෙට සිට බත් පාර්සලයේ ඉහළ යන මිල ?

Sunday, 18 December 2016 - 18:22

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%3F
උත්සව සමයත් සමඟ වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා මෝල් හිමියන් වෙත සහල් තොග නිකුත් කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දැනට එම මණ්ඩලය සතුව වී මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 9000කට වැඩි ප්‍රමාණයක් පවතිනවා.

එමගින් කොටසක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කෙසේ වෙතත්, ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා රජය විසින් සහල් මෙටි‍්‍රක් ටොන් 10,000 ක් ආනයනය කර බෙදාහැරීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර, සහල් මිල ඉහළ යාම නිසා බත් පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති අසේල සම්පත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ හෙට දිනයේ සිට අදාළ මිල ඉහළ දැමීම සිදුකරන බවයි.

දැනට වෙළදපොළ තුළ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 90ත් 95ත් දක්වාත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 95 දක්වාත් මිල ඉහළ ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories