තැපෑල අද රාත්‍රියේ සිට වර්ජනයේ

Monday, 19 December 2016 - 7:32

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
උසස්වීම් සහ බඳවාගැනීම් පටිපාටියේ පවතින අක්‍රමිකතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් හතක් මුල් කරගනිිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක නිරතවනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ තැපැල් සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් සමඟ පෙරේදා පැවති සාකච්ඡාවලින් විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

අනිද්දා දක්වා ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම රට පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවල කටයුතු මුළුමනින්ම අඩපණ විය හැකි බවටද ඔහු අනතුරු අඟවනවා.

මෙම වර්ජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විෂයභාර අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම්ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මොවුන්ගේ ඉල්ලීම් සාධාරණ බවත්, ඒ සම්බන්ධයෙන් යම්තාක් දුරට තමන්ට විසඳුම් ලබාදීමට හැකිවූ බවයි.

කෙසේ වෙතත් වර්ජනයක් ක්‍රියාත්මක නම් උත්සව සමය තුළ අතිරේක සේවකයන් යොදාගෙන සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories