කරුණානිධිගේ සෞඛ්‍ය තත්වය ගැන හෙළිදරව්වක්

Monday, 19 December 2016 - 12:57

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තමිල්නාඩුවේ ඩී එම් කේ පක්ෂ නායක මෙන්ම හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වන එම් කරුණානිධිගේ සෞඛ්‍ය තත්වය මේවන විට යහපත් අතට පත්වෙමින් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර කරුණානිධි රෝහල්ගත කෙරුනේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්.

92 වන වියෙහි පසුවන කරුණානිධිගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ රෝහල මෙතෙක් නිල වාර්තාවක් නිකුත් කර නැහැ.

පසුගිය සිකුරාදා කරුණානිධි ශල්‍යකර්මයකට ද ලක්කර තිබුනා.

ඔහු රෝගී තත්වයක් හේතුවෙන් පළමු වරට රෝහල් ගත කෙරුනේ පසුගිය පළමුවනදායි.

ජයලලිතා ජයරාම් මියයනවිටත් කරුණානිධිපති පසුවුයේ රෝහල් ගතවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories