අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපාට ඇප

Monday, 19 December 2016 - 15:03

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B6%B3+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත අධිකරණයට කැඳවූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත්‍රයෙකු වන ඔසඳ යාපා අබේවර්ධන ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙනී සිටි අවස්ථාවේදියි.

එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හරින ලෙසටයි.

පසුගිය දා කොළඹ - කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් ජීප් රථයේ ගැටී යතුරුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉන් අනතුරුව ඔහුව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර එහිදී පොලිස් ඇප මත මුදා හැරියා.

අද දිනයේදී ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කැදවනු ලැබූ අතර ඉන් අනතුරුවයි ඇප මත මුදා හැරීමට අධිකරණය කටයුතු කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories