සියඹලාන්ඩුව පොලිසිය තුළදී පිහි ඇනුමක් - අයෙක් රෝහලේ

Monday, 19 December 2016 - 16:47

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
සියඹලාණ්ඩුව පොලීසියට කැදවූ පුද්ගලයන් දෙදෙනෙකු අතර පිහි ඇණුමක් සිදුවීම නිසා එක් අයෙකු රෝහල් ගත කිරීමට සිදුව තිබෙනවා.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් විභාග කිරීම සදහා මෙම පුද්ගලයන් දෙදෙනාට අද පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණා.

පොලිසිය සදහන් කළේ එහිදී අදාළ පැමිණිල්ල සටහන් කර ගනිිමින් සිටියදී විත්තිකාර පාර්ශවය විසින් මෙම පිහිඇණුම සිදුකර ඇති බවයි.

එහිදී තුවාල ලබා ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු 60 හැවිරිදි වියේ පසුවන්නෙක්.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට සිරිගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

මොවුන් සියඹලාන්ඩුව - කිවුලයාය පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මේ අතර, හම්ඹේගමුව - නෑබඩ - පැලැස්ස ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා තිබෙනවා.

ඔහු මේ වනවිට හම්බන්තොට දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරින් පොලිස් කොස්තාපල්වරයාගේ දෙපාවලට හානි සිදුව ඇති බවයි හම්බෙගමුව පොලීසිය ප්‍රකාශ කළේ.

මොහු ඊයේ රාත්‍රියේ තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ මෙම වැටලීම සඳහා ගොස් තිබෙනවා.

එහිදී අදාළ ගංජා හේන පවත්වාගෙන ගිය සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories