චාවකච්චේරි අනතුරෙන් මිය ගිය 10ක් අවසන් ගමන් යද්දී, අදත් රිය අනතුරු තුනකින් අයෙක් මරුට - 40ක් රෝහලේ

Monday, 19 December 2016 - 18:50

%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+40%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මහනුවර - යාපනය - ඒ 9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි - සංගත්තානෙයි දුම්රිය ස්ථානය ආසන්නයේ පසුගිය සෙනසුරාදා සිදුවූ රිය අනතුරෙන් මිය ගිය 11 දෙනාගෙන් 10 දෙනෙකුගේම අවසන් කටයුතු අද සිදුකෙරුණා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ තුනක සිදුවූ රිය අනතුරුවලින් අදත් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය සඳහන් කළා.   

සෝමාවතිය වන්දනා කිරීම සඳහා පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් සුංගාවිල වනජීවි කාර්යාලය ආසන්නයේදී අද දහවල් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පුලස්තිපුර පොලීසිය සඳහන් කළේ.

කෑගල්ල - අරණායක ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි පිරිසක් මෙලෙස අනතුරට ලක්වුණා.

අධික වේගය නිසා රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

තුවාලකරුවන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය කියා සිටියා.

එමෙන්ම අනුරාධපුර - ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ලා ගැටී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

රෝහල්ගත කළ  පුද්ගලයන්ගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ පිළිමතලාව අතර ප්‍රදේශයේ දී ද අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ශ්‍රී ලංගම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කඩුගන්නාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
මේ අතර, මහනුවර - යාපනය - ඒ 9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි - සංගත්තානෙයි දුම්රිය ස්ථානය ආසන්නයේදී පසුගිය සෙනසුරාදා සිදුවූ රිය අනතුරෙන් මිය ගිය 11 දෙනාගෙන් 10 දෙනෙකුගේ අවසන් කටයුතු බණ්ඩාරගම - මාදම්පේ - හල්තොට දී අද සිදුකෙරුණා.  

සංගත්තානෙයි දුම්රිය ස්ථානය ආසන්නයේදී පසුගිය දා ඔවුන් ගමන් ගත් වෑන් රථය බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

මිය ගිය පුද්ගලයන් අතර කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටියා.

ඔවුන් හොරණ - මිල්ලනිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories