සහල් හිඟය මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවාපෑමක් බවට චෝදනා

Monday, 19 December 2016 - 18:31

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සදහා සහල් මෙටි‍්‍රක් ටොන් දස දහසක් ආනයනය කරන ලෙස කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් අද අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම, වී අලෙවි මණ්ඩලය සතුව පවතින සුදු සහ නාඩු වී මෙටි‍්‍රක් ටොන් 20,000 ක් කඩිනමින් මිලට ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවයි වානිජ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ.

එලෙස මිලදී ගන්නා වී තොග රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත් කර සහල් කිලෝවක් රුපියල් 78ක මිලකට ලක් සතොස හරහා පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශය සදහන් කළා.

මේ අතර, ග්‍රාමීය කටයුතු අමාත්‍ය පී. හැරිසන් ද කොළඹදී අද දහවල් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවේ ඉහළගොස් ඇති සහල් මිල පාලනය කිරීම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද දැනුම්දීම සදහායි.

කෙසේ වෙතත්, රට තුළ සහල් හිගයක් කෘත්‍රිමව නිර්මාණය කර ඇත්තේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු බවට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සහල් නිෂ්පාදකයින් පිරිසක් අද චෝදනා කළා.

ඒ, දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්කරුවන්ගේ හා වී තොග රැස් කරන්නන්ගේ සංවිධානය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයින් ඊට එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, නාමල් කරුණාරත්න කියා සිටියේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය පරිදි වී අලෙවි මණ්ඩලය ක්‍රියා කරන නිසා සහල් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පොළොන්නරුව එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පෙන්වා දුන්නේ වී මිලදී ගැනීමේ සහතික මිල ඉහළ නැංවුව ද ඊට සරිලන පරිදි සහල් මිල යාවත්කාලීන කර නොමැති බවයි.

කෙසේ නමුත්, වෙළඳපොළේ ඉහළ ගොස් ඇති සහල් මිල, සහල් ආනයනය කිරීම මගින් ඉදිරි දෙසතියක කාලය ඇතුළත පහත වැටෙනු ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවේදී ග්‍රාමීය කටයුතු අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories