රාජකාරියෙන් ඉවත්වූ තැපැල් සේවකයින් ක්‍රීඩාවට (ඡායාරූප)

Tuesday, 20 December 2016 - 10:25

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උසස් වීම් හා බදවා ගැනීම් පටිපාටියේ පවතින අක්‍රමිකතා ඉවත් කර ගැනිම ඇතුලු ඉල්ලිම් හතක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වනවා.

මේ හේතුවෙන් තැපැල් කාර්යාලය මගින් තම සේවාවන් ඉටුකර ගැනීමට පැමිණි ජනතාව දැඩි අසිරුතාවයට පත්වී තිබෙනවා.

රජය මගින් සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට පියවර ගත්තද එය නොතකා තැපැල් සේවකයින් මෙසේ වැඩ වර්ජනයේ නිරත වි සිටිනවා.

එසේ වර්ජනහේ නිරත හැටන් තැපැල් කාර්යාලයේ සේවකයින් තැපැල් කාර්යාලය වසා දමා තැපැල් කාර්යාලය ඉදිරිපිට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී සිටින බව අප වාර්තාකරු පැවසුවා.

මහජතාව පවසන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය ඉතා අසාධාරණ බවයි.





ඡායාරූප - හැටන් රංජිත්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories