වර්ජනයෙන් තැපෑල අඩපණ වෙයි - සාකච්ඡාවකට කැදවීමක් නැහැ (ඡායාරූප)

Tuesday, 20 December 2016 - 12:56

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවා අඩපණ වී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල සියයට 90කට වැඩි සංඛ්‍යාවක සේවා මේ වන විට නතර වී ඇති බවයි.

උසස්වීම් සහ බඳවාගැනීම් පටිපාටියේ පවතින අක්‍රමිකතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් හතක් මුල් කරගනිිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක් ආරම්භ කළා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ තැපැල් සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවලින් විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ආරම්භ කළ බවයි.

මේ අතර, වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවාව බිඳ වැටීම වැළැක්වීමට සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 21 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ සේවක නිවාඩු අවලංගු වන බව සදහන්.

කෙසේ වෙතත්, මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් සඳහන් කළේ මෙම වර්ජනය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවයි.

මේ හැටන් නගරයේ වර්ජනය ක්‍රියාත්මක වූ අයුරු



ඡායාරූප - හැටන් රංජිත්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories