තැපැල් වර්ජනය අඛණ්ඩව රථවාහන දඩ ගෙවීමටත් බාධා

Tuesday, 20 December 2016 - 19:14

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B6%A9+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ඉල්ලීම් හතක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් දියත් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයිනේ අනෙකුත් තැපැල් කාර්යාලවල වැඩකටයුතු අඩාල වී තිබෙනවා.

වර්ජනය හේතුවෙන් අද බොහෝ තැපැල් කාර්යාල වසා දමා තිබූ අතර, මේ නිසා රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා ගෙවා ගැනීමට නොහැකි වූ රියදුරන්  අපහසුතාවට ලක්වුණා.

පවතින තත්ත්වය මත යම් අයෙකුට අද දිනය තුළ දඩ පත්‍රිකාවක් ගෙවීමට නොහැකිවූයේ නම් ඒ සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි පොලිස් රථවාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු සඳහන් කළේ.  

කෙසේ වෙතත්  ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කළේ සිය ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛන්ඩව දියත් කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories