පුංචි ඡන්දය ලබන වසරේ මැද ජනපති නිදහස් පක්ෂ සංවිධායකවරුන්ට දැනුම් දෙයි

Tuesday, 20 December 2016 - 19:15

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මැයි මාසයේදී ස්ථිරවම පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, කොළඹ පදනම් ආයතනයේ අද පැවති නිදහස් පක්ෂ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමේදියි.

මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද එක්ව සිටියා.

ඔහු සඳහන් කළේ මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණය කෙරෙනු ඇති බවයි.

පක්ෂය සමඟ එක්ව ඉදිරියට යෑමට වෙන්ව සිටින කණ්ඩායම්වලට අදත්  ඇරයුම් කරන බව පසුව අදහස් දැක්වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories