ජර්මනියේ නත්තල් වෙළඳපොලට,එල්ල වූ ප්‍රහාරයේ වගකීම භාර ගනී

Wednesday, 21 December 2016 - 7:43

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7%2C%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජර්මනියේ බර්ලින් නුවර නත්තල් වෙළඳපොලක් වෙත එල්ල කල ප්‍රහාරයේ වගකිම අයි.එස් කැරලිකරුවන් විසින් බාර ගෙන තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ සිරියානු රජයට සහය දක්වන රටවල වැසියන් ඉලක්ක කර ගනිමින් තවදුරටත් මෙලෙස ප්‍රහාරය එල්ල කළ බවයි.

එහෙත් ජර්මන් පොලීසිය පවසන්නේ අයි.එස් කැරලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.  

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පකිස්ථාන ජාතිකයා ද නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

බර්ලින් නුවර නත්තල් වෙළඳපොළක් වෙත ලොරි රථයක් කඩා වැදීමේ සිද්ධියෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 48 දෙනෙකු තුවාල ලැබුවා.

ප්‍රහාරයට සිදුව තිබූ ආකාරය පහතින්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories