පන්නීර් සෙල්වම්, මෝදිට යළිත් ලියයි

Wednesday, 21 December 2016 - 9:28

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා මුහුදු සිමාවේදි තමිල්නාඩු ධීවරයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලමින් තමිල්නාඩු නව මහ ඇමති ඕ.පන්නිර් සෙල්වම් ඉන්දීය මධ්‍යම රජය වෙත යළිත් ලිපියක් යොමු කර තිබෙනවා.

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනයේදී ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඔහු යළිත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ.

හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු එම ධූරයට පත්වූ පන්නීර් සෙල්වම් ධීවර ගැටළුව පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ දෙවන ලිපිය මෙය වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories