ලෝක ප්‍රසිද්ධ වූ ටයිටැනික් නැව යළි උපදියි (ඡායාරූප)

Wednesday, 21 December 2016 - 10:59

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%96+%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජීවිත 1500ක් පමණ බිළිගනිමින් අයිස් කුට්ටියක ගැටී අනතුරට පත් වූ ටයිටැනික් නැවේ අනුරුවක් නිර්මාණය කිරීමට චීනය සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම අනුරුව නිර්මාණය කරන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

මධ්‍යම චීනයේ සිචුආන් ප්‍රදේශයේ පිහිටා තිබෙන තේමා උද්‍යානයේ ඉදිවන මෙම ටයිටැනික් නෞකාව තුළ තිබෙන විදුලි ස්විච හා දොර අගුලු පවා මුල් නෞකාවේ ලෙසම නිපදවීමට නියමිතයි.

විශේෂයෙන් මෙම නෞකාවට සිදු වූ අනතුර අත්දැකීමට හැකිවන ආකාරයට නිර්මාණය කිරීමටයි එම නිෂ්පාදක කණ්ඩායමේ අදහස වී තිබෙන්නේ.

2017 වසරේ ඔක්තෝබර් මස දී විවෘත කිරීමට නියමිත මෙම නෞකාව Daying Qi ගංගාව අසබඩ ස්ථිර ලෙස නැංගුරම් ලා තිබෙනවා.

සංචාරකයන්හට ඇමෙරිකානු ඩොලර් 350ක් එනම් රුපියල් 60000කට ආසන්න මුදලකට මෙහි රාත්‍රියක් ගත කළ හැකි අතර මෙහි තිබෙන මිල අධිකම කාමරයක මිල ඇමෙරිකානු ඩොලර් 14000ක් පමණ එනම් රුපියල් විසි එක් ලක්ෂ අසූ අට දහසක් පමණ වන බවයි වාර්තාවන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories