බර්ලින් සැකකරු සොයා මෙහෙයුමක්

Wednesday, 21 December 2016 - 13:20

%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජර්මනියේ බර්ලින් නුවර නත්තල් වෙළදපොලක් වෙත එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාරය සඳහා කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවට ජර්මානු ආරක්ෂක අංශ සැක පළ කරන බවයි.

මෙම ප්‍රහාරයේ වගකීම දැනටමත් IS කැරලිකරුවන් බාර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් බර්ලින් නගරාධිපති සඳහන් කළේ IS කැරලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කළ බවට පිළිගත හැකි සාක්ෂි මෙතෙක් ලැබී නොමැති බවයි.

මෙම නත්තල් වෙළදපොල වෙත ලොරියක් කඩා වැදීමෙන් එහි සිටි 12 දෙනෙකු මියගොස් 49 දෙනෙකු තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories