සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පෙබරවාරියේ පාර්ලිමේන්තුවට

Wednesday, 21 December 2016 - 18:09

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හම්බන්තොට වරාය ඉදිකිරීමට සහ තවත් කටයුතු කිහිපයක් සඳහා ලබාගෙන ඇති ණය පියවාගැනීමට නොහැකිවීම හේතුවෙන් එම වරාය චීනයට බදුදීමට සිදුවූ බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ප්‍රකාශ කළා.

ඒ, අද පස්වරුවේ සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සුපිරි අමාත්‍යවරයෙකු පත් කිරීමක් සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි අමාත්‍ය ධුරයක් ඇති නොකරන බවයි.

පෙබරවාරි මාසයේදී සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඔහු එහිදී කියා සිටියේ.

මාගම්පුර වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා විසින් හිරු මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළා.

අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කළේ එම පහරදීම පිළිබඳව තමන්ද කණගාටුවන බවයි.

නාවික හමුදාපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳවද මාධ්‍යවේදින් අඛන්ඩව ඔහුගෙන් ප්‍රශ්න  කිරීම විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories