ලොව ලොකුම සහ කුඩාම ගෝනුස්සා ශ්‍රී ලංකාවේ

Thursday, 22 December 2016 - 12:13

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ලොව ජීවත් වන විශාලම මෙන්ම කුඩාම ගෝනුසු විශේෂ ශ්‍රී ලංකාවේ වාසය කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා.

එමගින් මෙරට වෙසෙන ගෝනුසු වර්ග 18ක් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 14ක්ම මෙරටට ආවේණික ගෝනුසු වර්ග බවටයි අනාවරණ වී ඇත්තේ.

 පේරාදෙණිිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කිත්සිරි රණවන මෙන්ම ගෝනුස්සන් පිළිබඳ ලොව වැඩිම පර්යේෂණ සිදුකරන විශේෂඥයෙකු වන චෙක් ජනරජයේ සත්ත්ව විද්‍යාඥ ෆැන්ටිසෙක් කොවාරික් ද මෙම පරීක්ෂණයට එක්වුණා.

ඒ අනුව ලොව ජීවත් වන විශාලම, අඟල් 9ක් පමණ දිගැති හොටොරොටෙටි‍්‍රස් ස්වඩාමි නැමැති ගොනුස්සා සහ සෙන්ටිමීටරයක් පමණ දිගැති චාමුස් සරදියෙල් නමැති ගෝනුස්සා මෙරටට ආවේණික සත්ත්වයන් බව පරීක්ෂණයේදී හෙළි වූ බවයි ඊට එක්වූ සත්ත්වවේදී සංජීව ජයරත්න ප්‍රකාශ කළේ.

 ගෝනුස්සන් මරා දැමීමට ජනතාව පෙළඹී ඇති නිසා එම සතුන් වදව යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවයි සත්ත්වවේදී සංජීව ජයරත්න තවදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories