දඹුල්ල - ගලේවෙල - දඩුබැදිරුප්ප ප්‍රදේශයේදී ඊයේ මිය ගිය පුද්ගලයාගේ මරණය, බඳින තුවක්කුවක් පත්තුවීමෙන් සිදුවූවක් බවට හෙළිව තිබෙනවා.
සිය ගොවිබිමේ සිටියදී 38 හැවිරිදි මෙම පුද්ගලයා වෙඩි වැදී මිය ගියේ ඊයේ දිනයේදියි.
මොහුගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබුණා.
මුලදී මෙය ඝාතනයක් ද යන්න පිළිබදව සැක මතු වූ අතර, ඒ අනුවයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේ.
එහෙත් පසුව අවට පිහිටි කැළෑ ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී බඳින තුවක්කුවක පත්තු වූ කොටසක් හමුවී තිබෙනවා.
එය සහ මිය ගිය පුද්ගලයාගේ ශරීරයේ තිබී හමුවූ උණ්ඩයේ කොටස සමාන වන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළේ.

Follow US
Most Viewed Stories