තැපෑල යථා තත්ත්වයට

Thursday, 22 December 2016 - 12:52

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
සේවක වර්ජනය හේතුවෙන් අඩාලව පැවති ලිපි බෙදීම ඇතුළු තැපැල් කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ ලිපි බෙදා හැරීමේ කටයුතු සඳහා විශේෂ ලොරි රථ කිහිපයක් පිට පළාත්වලට යොමු කර ඇති බවයි.

 උසස්වීම් සහ බඳවාගැනීම් පටිපාටියේ පවතින අක්‍රමිකතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් පැය 48 ක වැඩවර්ජනයක් ආරම්භ කළේ පසුගිය 19වන දා මධ්‍යම රාත්‍රියේයි.

එය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, අදාළ කාලය තුළ ලිපි ලක්ෂ 15ක් පමණ දිවයින පුරා තැපැල් කාර්යාලවල ගොඩ ගැසී තිබුණා.

 කෙසේ වෙතත්, තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙට දිනය වන විට සියලූ ලිපි හා භාණ්ඩ අදාළ පුද්ගලයින්ට සහ ආයතනවලට ලබාදීමට හැකි වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories