බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටු සභාපතිගෙන් කථානායකවරයාට ලිපියක්

Thursday, 22 December 2016 - 18:06

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව ලබන වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරයේදීම විවාදයට ගන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, කථානායකවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභා හෙවත් කෝප් කමිටුවේ ප්‍රධානියා ලෙස තමන් විසින් පසුගිය ඔක්තෝම්බර් 28 වන දා බැදුම්කර සිද්ධියේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට එම වාර්තාව පාර්ලිමේන්තුව සතු ලේඛනයක් වන අතර ඒ පිළිබදව ක්‍රියාමාර්ග ගත යුත්තේ පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායකවරයා බව ලිපියේ දක්වා තිබෙනවා.

එහෙත් කෝප් කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පවසන්නේ.

එම ක්‍රියාව පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කථානායකවරයාගේ වගකීම අගමැතිවරයා විසින් පවරා ගැනීමක් බවයි ලිපියෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.

මේ අතර, කෝප් කමිටුවේ සභාපතිවරයා, කථානායකවරයා වෙත යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය අද (22) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.

එමගින් දක්වා ඇත්තේ කෝප් කමිටු සභාපතිවරයා අදාළ වාර්තාව පිළිබඳ සාවද්‍ය මතයක් ජනගත කිරීමට උත්සාහ කර ඇති බවයි.

තවද, කෝප් කමිටු සභාපතිවරයා, අගමැතිවරයාට චෝදනා කරන්නේ දෙසැම්බර් 8 වනදා ඔහුගේ කමිටුවේම ලේකම්වරිය කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර ඇති පසුබිමක බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories