රෝහල්වල කලු කොඩි ඔසවයි

Thursday, 22 December 2016 - 18:41

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දිවයිනේ සියලූම රෝහල්වල අද (22) සිට දින 7 ක කාලයක් කළු කොඩි ඔසවා තබන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

තම ගැටලූවලට විසදුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් මැදිහත් නොවීමට විරෝධය පළකරමිනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

අතිකාල දීමනා වැඩිකළ මූලික අගයට ගැලපීම, අතිකාල දීමනා ගෙවීමේදී විධිමත් ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම, පරිපූරක වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ තනතුර ස්ථාපිත කිරීම ඇතුළු ඖෂධවේදීන්ට හා ඖෂධවේදී සේවාවට බලපාන ප්‍රධාන ඉල්ලීම් 14 ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ ජාතික වැටුප් කොමිෂන් සභා යන ආයතනවලට මීට පෙර දැනුවත් කර තිබෙනවා.

එහෙත්, මෙතෙක් ඒ සදහා නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් ඊයේ දිනයේදී ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වුණා.

කෙසේ වෙතත් මේ සදහා විසදුම් ලබාදීමට දින 7 ක කාලයක් ලබාදෙන බවත්, ඊට පෙර ඒ සදහා විසදුමක් ලබානොදුන හොත් අඛන්ඩ වැඩවර්ජනයකට ද අවතීරණ වන බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත්.පී.තිලකරත්න සදහන් කළේ.

මේ අතර, උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවයේ රියදුරන් අද (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඊයේ (21) ඔවුන් වැඩවර්ජනයක් ආරම්භ කළේ තම සේවය දෙපාර්තමේන්තුගත සේවයක් ලෙස ස්ථාපිත කරන්නැයි ඉල්ලමින්.

වැඩවර්ජනයේ සහ සත්‍යග්‍රහයේ නිරත පළාත් රියදුරන් පවසන්නේ මේ දක්වා බලධාරින් තම ගැටලූ පිළිබදව කිසිදු අවධානයක් යොමුකර නොමැති බවයි.  
 
කෙසේ වෙතත්, උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ.බී.නන්දසේන කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් අසාධාරණ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories