මහ ලේකම් ධුරයෙන් නික්ම යන බෑන් කී මූන්ගෙන් ජනපතිට දුරකතන ඇමතුමක්

Friday, 23 December 2016 - 7:23

%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරයෙන් නික්ම යන බෑන් කී මූන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා.

සිය ධුරයෙන් නික්ම යාමට මත්තෙන් ජනාධිපතිවරයා ඇමතූ බෑන් කී මූන් සඳහන් කර ඇත්තේ මෙරට සමාජ, ආර්ථික, දේශපාලන යන සියලූ ක්ෂේත්‍රයන්හි ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඇගයීමට ලක්කරන බවයි.

 එමෙන්ම, සංහිඳියා පිළිවෙත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම ඉතා ප්‍රශංසනීය බව ඔහු පෙන්වා දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

තමන් සිය ධුරයෙන් නික්ම ගියද මෙරට ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවටයි බෑන් කී මූන් ජනාධිපතිවරයාට සහතික වී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය අගය කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී පැවසී යැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories