සුපිරි ඇමතිටයි, සුපිරිම ඇමතිටයි ඌවෙන් විරෝධය

Friday, 23 December 2016 - 7:26

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%E0%B6%8C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අනුමැතිය ලබාගැනීම සඳහා ඌව පළාත් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරාජයට පත්වී තිබෙනවා.

ඊට පක්ෂව ඡන්ද 9 ක් හිමිවී ඇති අතර, විපක්ෂව හිමිවී ඇති ඡන්ද සංඛ්‍යාව 13ක්.

ඒ අනුව යෝජනාව පරාජය වී ඇත්තේ වැඩි ඡන්ද හතරකින්.

ඌව පළාත් සභාවේ මාසික රැස්වීම ඊයේ පැවති අතර, මධ්‍යම රජය මගින් ඌව පළාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට එවා ඇති අදාළ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා සිය මතය ප්‍රකාශ කිරීමට ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස සියලූ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 11 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය ලබාදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත සම්බන්ධයෙන් ඌව පළාත් සභාවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී  ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක  ඡන්දය දීමෙන් වැළකී සිටි බව සඳහන්.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මගින් සුපිරි ඇමතිවරයෙකු සහ සුපිරිම ඇමතිවරයෙකු බිහිවන බවට චෝදනා එල්ලවනවා.

කෙසේ නමුත් අදාළ පනත් කෙටුම්පත ලබන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන්කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories