නීතිවිරෝධී ලෙස විදෙස් මත්පැන් අලෙවි කළ ජාවාරමක් වටලයි

Friday, 23 December 2016 - 8:54

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A++%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විදේශීය මත්පැන් අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට මුදල් අමාත්‍යාංශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකය, ඊයේ කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව තිබුණා.

එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද අධික මිලකින් යුක්ත විදේශීය මත්පැන් බෝතල් 108 ක්ද අත්අඩංගුවට ගත් බවයි සුරාබදු අධිකාරි චන්න වීරක්කොඩි සඳහන් කළේ.

සුඛෝපභෝගී මෝටර් රථයක් උපයෝගී කරගනිමින් දීර්ඝ කාලයක් පුරා කොළඹ ප්‍රදේශයට මෙලෙස මත්පැන් බෙදා හැර ඇති බවටයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක්.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි සුරාබදු අධිකාරි චන්න වීරක්කොඩි වැඩිදුරටත් කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories